Thursday, December 26, 2024

General line - 0115112241

ඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයට සමගාමීව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා.

එහිදී ද්විපාර්ශ්වික සහයෝගීතා න්‍යාය පත්‍රය සහ හදිසි ජාත්‍යන්තර ගැටලු පිළිබඳ ප්‍රධාන කරුණු සාකච්ඡා කර ඇතැයි සඳහන්.

සාකච්ඡා කරන ලද හදිසි ජාත්‍යන්තර ප්‍රශ්න අතරට BRICS සමුළුව සඳහා සූදානම් වීම සහ “යුක්‍රේනය බේරුම්කරණය” ඇතුළත් බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පැවසුව්.

ප්‍රධාන බහුපාර්ශ්වික ආකෘති තුළ රුසියාව සහ ඉන්දියාව අතර අන්තර්ක්‍රියා අඛණ්ඩව සම්බන්ධීකරණය කිරීමට ජයිශංකර් සහ ලැව්රොව් එකඟ වී ඇතැයි ද සඳහන්.

එය මාසයක් ඇතුළත විදේශ අමාත්‍යවරුන් දෙපළ හමුවු දෙවැනි අවස්ථාවයි.

ජයිශංකර් සහ ලැව්රොව් සැප්තැම්බර් 9දා සෞදි අරාබියේ ඉන්දීය-ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ද හමුවී සාකච්ඡා කර තිබුණා.

දැනට එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටින ජයිශංකර්, නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමුවී ඇත.

කසකස්තාන විදේශ අමාත්‍ය Nurtleu, මොරොක්කෝ විදේශ අමාත්‍ය Nasser Bourita, බෙල්ජියමේ අගමැති Alexander De Croo සහ Swiss Federal Councilor Ignazio Cassis ඒ අතර වනවා.