ඇතැමුන් විවිධ චෝදනා එල්ල කළද සිය දෙපාර්තමේන්තුව සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ නියමිත ක්‍රමවේදයට බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මහතා පවසනවා.
නියමිත ක්‍රමවේදයන්ට අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට සුරාබදු බලපත්‍ර 172ක් නිකුත් කළ බවයි ඔහු කියා සිටියේ.
එම බලපත්‍ර නිකුත් කිරීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවුණු බවද ඔහු කියා සිටියා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු රටින් පළා යාමට සූදානම් වන බවට පැතිර යන කටකතාවලට ද ඔහු ප්‍රතිචාර දැක්වූවා.