බිත්තර මිල පහළ දැමුනද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් එලෙස පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවයි.
තිරිඟු පිටි සහ මාගරින් මිල පහළ දමන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.