Thursday, December 26, 2024

General line - 0115112241

අද සිට පෘථිවියට අලුත් සඳක්




අද සිට පෘථිවියට චන්ද්‍රයෙක් එක්වන බව තාරකා විද්‍යාඥයෝ පවසනවා.

මේ අලුත් සඳ, දින 53 ක කාලයක්  පෘථිවිය සමඟ සිටින බවයි  තාරකා විද්‍යාඥයෝ පවසන්නේ.

විද්‍යාඥයන් විසින් මෙම අලුත් සඳ  2024 PT5 ලෙස නම් කර ඇති අතර මීටර් 11 ක් පළල ග්‍රහකයක් වනවා.

දකුණු අප්‍රිකාවේ Asteroid Terrestrial-impact Last Alert System (ATLAS) දුරේක්ෂය මගින් පසුගිය අගෝස්තු 7 වැනිදා හඳුනා ගත් මෙම ග්‍රහකය මේ වනවිට අඩු සාපේක්ෂ ප්‍රවේගයකින් පෘථිවිය දෙසට පැමිණෙමින් ඇති බවයි පැවසෙන්නේ.

මෙම ග්‍රාහකය අද සිට නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී මාසයක කාලයක් පෘථිවිය සමඟ රැ‍ඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගන්නා අතර නොවැම්බර් 25 වනදායින් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී සූර්යයා වටා  නැවත ගමන ආරම්භ කරන බවයි විද්‍යාඥයෝ පවසන්නේ 

කෙසේ වෙතත්, එය 2025 ජනවාරි 9 වන දින නැවත පෘථිවියට සමීප වනු ඇති බවයි විද්‍යාඥයන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ 

2024 PT5 ලෙස නම් කර ඇති මෙම ග්‍රහකය ආරම්භ වන්නේ පෘථිවියට සමාන කක්ෂ සහිත පාෂාණ අඩංගු අර්ජුන ග්‍රහක පටියෙනි

දැනට, 2024 PT5 උතුරු අහසේඩ්‍රැකෝ තාරකා මණ්ඩලයේ පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එය පෘථිවියේ සිට සැතපුම් මිලියන 1.9 ක් (කිලෝමීටර් මිලියන 3) පමණ දුරින් පිහිටා තිබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

අවාසනාවකට එහි කුඩා ප්‍රමාණය සහ දීප්තිය නොමැතිකම හේතුවෙන් පෘථිවියේ නවතම කුඩා සඳ පියවි ඇසට නොපෙනෙන අතර  දුරදක්න හෝ ගෘහ දුරේක්ෂ පවා එය දැකීමට නොහැකි තරම් දුර්වල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.