Thursday, December 26, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව ඉරානයේ සිසු විරෝධතාවක්




ඊශ්‍රායලය ලෙබනනයේ මහල් නිවාස ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර වලට  එරෙහිව ඉරානයේ  විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම  විරෝධතා ටෙහෙරාන් අගනුවර සහ  තවත් නගර රැසකම පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම  විරෝධතාවල පෙරමුණ ගෙන ඇත්තේ සිසුන් වන අතර එහිදී ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ලකරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනතාව සිය විරෝධය පළ කර තිබෙන්නේ.

හිස්බුල්ලා සංවිධානයේ මෙන්ම හමාස් සංවිධානයේ නායකයින්ගේ සහ ඉරාන නායකයින්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව පිරිස විරෝධතාවේ නිරත ව තිබුණි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් තීව්‍ර වූයේ මෙම සතිය ආරම්භයේ සිටය.

ඊශ්‍රායලය ලෙබනනයේ මහල් නිවාස ඉලක්ක කරගනිමින් තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් පසුගිය 27 දා පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. 

පසුගිය සඳුදා සිට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර වලින් ලෙබනනයේ 700 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

හිස්බුල්ලා නායක නායක හසන් නස්රල්ලා මිය ගොස් ඇත්තේ එම ගුවන් ප්‍රහාර අතරතුරය.

මේ අතර පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් මුස්තාෆා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ලෙබනන් ජනතාවට එරෙහිව සිදු කරන අපරාධවලට ඉදිරියේදී වන්දි ගෙවිය යුතු බවයි.