Thursday, December 26, 2024

General line - 0115112241

ගංවතුර හා නායයෑම් නිසා නේපාලයේ 148ක් මරුට




නේපාලයේ හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ලයින් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

දින දෙකක් පුරා පැවති මහ වැසි හේතුවෙන් කත්මණ්ඩු අගනුවර අවට ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙනවා.    

මේ හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පුද්ගලයින් 3,600 ක් පමණ එරට සහන කණ්ඩායම් විසින් මුදාගෙන තිබෙනවා.

කෙසේවෙතත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්ටර් සහ පාරු යොදා ගනිමින් පීඩාවට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.