ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 105 ක් වනබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා බලඇණි සීරුවෙන් සිටින බවත් ඔවුන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් බවත් ඊශ්‍රායල හමුදාව පවසනවා.
යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ, යේමනයේ, රාස් ඉසා සහ හොඩෙයිඩා යන පළාත්වලට මෙසේ පහර දුන් බවයි.
යේමනයට එල්ල කළ ප්‍රහාරවලින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි හවුති සටන්කාමීන් ද ප්‍රතිඥා දී ඇත.