හිස්බුල්ලා සංවිධානයේ එක් නිර්මාතෘවරයෙකු සහ ප්‍රධානී හසන් නස්රල්ලාගේ මරණය තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව තවත් සන්නද්ධ කණ්ඩායමක නායකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
ඊශ්‍රායලය අද අලුයම දකුණු ලෙබනනයේ ටයර් නගරයේ සරණාගත කඳවුරක පිහිටි ඔවුන්ගේ නිවස ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් මෙම නායකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හමාස් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ ලෙබනන නායකයා වන ෆාටේ ෂෙරිෆ් අබු එල් අමීන් ඔහුගේ බිරිඳ, පුතා සහ දියණිය එහිදී මියගොස් ඇති බවයි.
ඊශ්‍රායලය නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවලින් ඔබ්බට බේරූට් වෙත පහර දුන් පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ