Thursday, December 26, 2024

General line - 0115112241

ලෙබනන් අගනුවරටත් පළමු වරට දැවැන්ත ප්‍රහාරයක්




මැද පෙරදිග යුද උණුසුම තවත් තීව්‍ර වී තිබෙනවා. ඒ, ලෙබනනයේ බේරුට් අගනුවර ඉලක්ක කර ඊශ්‍රායලය විසින් ඊයේ රාත්‍රියේ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි.

බේරුට් අගනුවරට එල්ල වූ පළමු ප්‍රහාරය ද මෙය වනවා.

ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ බේරුට් හි පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයක්.

එය හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධ එකක් බවටයි පැවසෙන්නේ.

ප්‍රහාරයෙන් මියගොස් ඇති බවට දැනට තහවුරු වී ඇති සංඛ්‍යාව 06 දෙනෙක්.

බේරුට් අගනුවරට ආසන්න ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ එකවරම දැවැන්ත පිපුරුම් මාලාවක හඬ ඇසී තිබෙනවා.

ඉන් අනතුරුවයි ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය පිළිබඳ නිල තොරතුරු අනාවරණ කර තිබුණේ. 

මෙම ප්‍රහාරය එල්ල වූයේ ලෙබනනය ආක්‍රමණය කරන බවට ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කර දිනකට පසුවයි.

ප්‍රහරය එල්ල වන විටත් ඊශ්‍රායල් හමුදා දකුණු දිග ප්‍රදේශයෙන් ලෙබනනයට ඇතුළු වී ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබුණා.

එම ගැටුම්වලින් ඊශ්‍රායල් හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ලෙබනන් බලධාරීන්ගේ දත්තවලට අනුව පසුගිය සති දෙකකක කාලය තුළ පමණක් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්. අවතැන් වී ඇති සංඛ්‍යාව මිලියනයක්.