Wednesday, December 25, 2024

General line - 0115112241

චීනයට එරෙහිව යුරෝපා සංගමයේ ඡන්දයක්




චීනය සමඟ වෙලඳ යුද්ධයක් ඇවිලවිය හැකි බවට ජර්මනිය බිය පළ කරන චීන විද්‍යුත් වාහන සඳහා දැවැන්ත තීරුබදු වැඩිවීමක් සම්බන්ධයෙන් යුරෝපීය සංගමය සිකුරාදා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, යුරෝපා සංගමයේ ජනගහනයෙන් 39%ක් වන ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය සහ පෝලන්තයේ සහයෝගය ඇතිව, මෙම පියවර දැනටමත් සම්මත කිරීමට ප්‍රමාණවත් ඡන්ද ඇති බවයි.

එය නැවැත්වීම සඳහා තීරු බදු සැලැස්මට එරෙහිව අවම වශයෙන් යුරෝපා සංගමයේ ජනගහනයෙන් 65% ක් ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් පවසන්නේ, විදුලි වාහන කර්මාන්තයට චීනයේ සහනාධාර සම්බන්ධයෙන් අඛණ්ඩ සාකච්ඡා අවශ්‍ය වනු ඇති බවයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් බර්ලිනයේ දී පවසා ඇත්තේ චීන සහනාධාර ඉවසා සිටිය යුතු නොමැති බවයි.

එහෙත් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් චීනය සමඟ සාකච්ඡා දිගටම කරගෙන යා යුතු බව පැවසූ අතර ජර්මනිය ඡන්දයෙන් වැළකී සිටිය හැකි බවට ද ඔහු පවසා තිබෙනවා.