Wednesday, November 6, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය




වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදීයි.

වැඩබලන පොලිස්පතිවරයෙකු දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේනම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතු වනවා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ පළමු අවස්ථාව මෙයයි.