Wednesday, November 6, 2024

General line - 0115112241

පාස්කු විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කරනවාද? - ආණ්ඩුවෙන් පිළිතුරක්




පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයින්ට එරහිව සිය පාලනය යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පාස්කු විමර්ශන වාර්තාවල කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 


මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට අමාත්‍ය විජිත හේරත් එහිදී වැඩිදුරටත් පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.