Wednesday, November 6, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ




2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රී 12.00න් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වීමට නියමිතව තිබුණා.

එහෙත් තැපෑලේදී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම දිනය මෙම මස 10 වන බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් එම අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය වන ඔක්තෝම්බර් මස 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිකුත් කෙරුණු එම නිවේදනයේ දැක්වෙනවා.

අයදුම්පත්‍ර ලබාදීමේදී සිදුවිය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා හෙට සහ අනිද්දා දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාරදීමෙන් වැලකී අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට භාරදීම යෝග්‍ය බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.