2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර ඇති බවයි
ඒ අනුව අදාළ අයදුම්පත් www.doenets.lk යන වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට හා සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.10.21 වන දිනට පෙර විභාග කොමසාරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්, නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ