Wednesday, November 6, 2024

General line - 0115112241

IMF සමග විශේෂ සාකච්ඡාවක් මෙම මස අගදී




ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමේ සිදුකල යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ මස අග භාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පසුගියදා පැවැත්වූයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට ඉකුත් දා අනුමැතිය ලබා දුන්නා.