Monday, January 13, 2025

General line - 0115112241

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි - ප්‍රදේශ රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

එන් ඒ ඩබ් නිරෝෂන්




ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින්  දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා.


මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගමනා ගමන කටයුතුවල බාධා එල්ලවී තිබෙනවා. 

ඒ, එම මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්. 

මේ හේතුවෙන් අකුරැස්ස ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 04 දෙනෙකු නාවික හමුදාවේ සහායෙන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. 

කුමන හෝ ප්‍රදේශයක යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.