විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය මේ වන විට සමාලෝචනය කරමින් සිටින බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඉන් අනතුරුව ඊට අදාළ නිර්දේශ සකස් කිරීම සිදුවන බවත් මහජන අදහස් විමසීමේ කාල සටහන මෙම සතියේදී ප්රකාශයට පත් කරන බවත් එම කොමිෂන් සභාව පැවසුවා.
නෙත් නිවුස් සිදුකල කරුණු විමසීමකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ, අධ්යක්ෂ - ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා.
විදුලි ගාස්තු සංශෝධනයට අදාල සිය අවසන් තීරණය එළඹෙන සතියේ ජනවාරි මාසයේ තුන්වන සතියේදී පමණ ප්රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ජයනාත් හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය වුවමනාවෙන්ම විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කල් යැවූ බව පෙනෙන්නට ඇති බවයි.
එමගින් මහජනතාවට අහිමි වූ සහනය නැවත ලබාදීමට කටයුතු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා.