දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් බහාලුම් පටවා ගැනීමට රියදුරන් මැලිකමක් දක්වන බව බහාලුම් ප්රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එවන් පසුබිමක් තුළ බහාලුම් 2,000කට ආසන්න ප්රමාණයක් සිරවී ඇති බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ.
කෙසේවෙතත් බහාලුම් ප්රවාහන රථවලට ආරක්ෂාව ලබා දීමට බලධාරීන් පොරොන්දු වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.