ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයෙකුට සහ තවත් අයෙකුට තියුණු ආයුධයකින් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ, රත්මලානේ පිහිටි ඔවුන්ගේ නිවස ආසන්නයේදීයි.
එහිදී තුවාල ලැබූ ඔවූන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
පාතාලයට සම්බන්ධ යැයි කියන රත්මලානේ සුද්දා නමැත්තා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග පැමිණ මෙම ප්රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී එම පාර්ශවයේ පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ පියා 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කෙරුණා.