මදුරන්කුලිය, වජිරවත්ත මාර්ගයට හැරෙන මංසන්ධිය අසල පිහිටි බස් නැවතුම්පොළේ වැටී සිටි පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ මදුරන්කුලිය ප්රදේශ පදිංචිකරුවෙකු බවයි.
ඔහු තවත් පිරිසක් සමඟ ඊයේ රාත්රියේ මත්පැන් පානය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.