ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබෙනවා.
ඒ, ඔවුන් සිදුකළේ යැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සැලකිල්ලට ගනිමින්.
එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගට එරෙහි සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේයි.
ඒ අනුව ඔවුන් දෙදෙනාට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.