පසුගිය සමයේ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට දැක්වූ උනන්දුව වී ගබඩා සකස් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ නම් වර්තමානයේ සහල් සහ පොල් ගැටළු උද්ගත නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදිනියක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර ලෝක ආහාර වැඩසටහන යටත් දිවයිනට ලැබීමට නියමිත පොහොර මෙටි්රක් ටොන් 55,000 න් සියයට පනහක් පොල් වගාව සදහා ලබාදෙන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.