Saturday, January 11, 2025

General line - 0115112241

ජනපති 15 වනදා ඉන්දියාවට




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාද එම සංචාරයට එක්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

ජනපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වනදා සිට 17 වනදා දක්වා ඉන්දියාවේ රැදී සිටීමට නියමිතයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉන්දීය ජනාධිපතිවරිය සහ එරට අග්‍රාමාත්‍යවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසුවා. 

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.