පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම මේ වසරේ දෙසැම්බර් 15 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණා.
පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවත් ඒ අනුව මෙලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.