Saturday, January 11, 2025

General line - 0115112241

කථානායකගේ ආචාර්ය උපාධිය ගැන ආණ්ඩුව දුන් උත්තරය




ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා නුදුරු දිනකදීම ප්‍රකාශයක් සිදු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

කැබිනට් තීරණ දැනුම්දීම සදහා අද පැවති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම සදහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.