කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා.
එහිදි ඔහු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණ නියෝග කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේදීයි.
2023 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි පැමිණිල්ලකදී පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනුණා.