Saturday, January 11, 2025

General line - 0115112241

වසර 54 කට පසු සිරියාවේ පාලන බලයේ වෙනසක්




වසර 54 කට අධික කාලයකට පසුව සිරියාවේ පාලන බලය කැරලිකාර හමුදාවන්ට පැවරීමට සිරියාවේ හිටපු අගමැති තීරණය කර තිබෙනවා. 

මෙලෙස සිරියාවේ පාලන බලය ඉස්ලාමීය සටන්කාමීන් වන හයාට් ටරිර්    අල්-ෂාම් සංවිධානයට හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඒ, ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් රුසියාවට පළා යාමේ පසුබිමක් තුළයි. 

කෙසේවෙතත් සිරියාවේ සංක්‍රාන්තික අගමැතිවරයා මෙතෙක් තෝරාගෙන නැහැ.

මේ අතර අසාද් පාලනය පෙරළා දැමීම සමස්ත ඉස්ලාමීය ජාතියේම ජයග්‍රහණයක් බවයි කැරලි කණ්ඩායමේ නායක අබු මොහොමඩ් අල්-ජොලානි පවසන්නේ. 

මෙම ජයග්‍රහණය සිරියාව තුළ පමණක් නොව විදෙස්ගතව සිටින සිරියානුවන් ද සමරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

මේ අතර බෂාර් අල්-අසාද්ගේ කුරිරු පාලන කාලයේදී බලහත්කාරයෙන් රඳවා තබාගත් සහ වද හිංසාවට ලක් වූ පුද්ගලයින් සොයා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සයිද්නායා බන්ධනාගාරයට රැස් වී සිටින බවද සඳහන්.