Saturday, January 11, 2025

General line - 0115112241

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය අවසන් වුනත් නෞකා දෙකක් තවමත් මහ මුහුදේ




රට තුළ පැවති සහල් හිඟය මඟහැරවීම සඳහා සහල් ආනයනයට ලබා දී තිබූ කාල සීමාව ඊයේ මධ්‍යම රාත්‍රි 12න් අවසන් වුණා. 

ඒ අනුව සහල් මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 49,000ක් ආනයනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.  

බහාලුම් ගොඩබෑම සඳහා පවතින ඉඩ ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් මෙටි්‍රක් ටොන් 8,000ක පමණ සහල් තොගයක් සහිත නෞකා දෙකක් තවදුරටත් නැංගුරම් ලා ඇති බවද ප්‍රකාශ කෙරුණා.