Saturday, January 11, 2025

General line - 0115112241

පාසල් නිල ඇඳුම් රෙදි ජනවාරි මස මුලදී ළමුන් අතට




චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි ලබන ජනවාරි මුල් සතිය අවසන් වීමට පෙර පාසල් ළමුන්ට බෙදා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

සමූපකාර හරහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරෙන පාසල් නිල ඇඳුම් රෙදි ඉන් අනතුරුව විදුහල්පතිවරුන් වෙත ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

චීනය විසින් මෙරටට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි ඊයේ නිල වශයෙන් භාරදුන්නා. 

ඒ, කොළඹ වරාය පරිශ්‍රයේදීයි. 

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

එහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ රුපියල් බිලියන 5යි දශම 2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11යි දශම 2යි 8ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි. 

ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822 ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදීමට නියමිතයි.