ලොව හොඳම එක්දින ක්‍රිකට් පිතිකාරිණියන් අතර දෙවන තැනට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.
ඒ, ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව අනුවයි.
ඇයට හිමිව ඇති ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 733ක්. මීට පෙර ඇය පසුවූයේ ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයේයි.
කෙසේවෙතත් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව අනුව ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි සහ විශ්මි ගුණරත්නගේ ශ්‍රේණිගත කිරීම් පහළ ගොස් තිබෙනවා.
නවතම ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වුල්වාර්ට් ලොව හොඳම එක්දින පිතිකාරිණියන් අතර පළමු තැනට පත්ව තිබෙනවා.
ඒ, මෙතෙක් ලොව අංක එකේ ස්ථානයේ පසුවූ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නතාලි සයිවර් තුන්වන ස්ථානයට ඇද දමමින්.