Saturday, January 11, 2025

General line - 0115112241

රටේ තුන්වන පුරවැසියා ව්‍යාජ තොරතුරු ලබාදීම රට අනතුරේ හෙලීමක් - තලතා




ආචාර්ය උපාධියක් ලබාගත් බවට කථානායකවරයා දන්වා තිබීම රට අනතුරේ හෙලීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පවසනවා. 

රටේ තුන්වන පුරවැසියා එලෙස ව්‍යාජ තොරතුරු ලබාදීම අනතුරුදායක බවයි ඇය කියා සිටියේ.

කෙසේවෙතත් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් යොමුකල ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අදාල ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.