Saturday, January 11, 2025

General line - 0115112241

බස්රථවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීම අඛණ්ඩව සිදු කරන බව පොලීසිය කියයි




බස් රථවල සවිකර ඇති අන්කතරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනබව පොලීසිය පවසනවා. 

බස් රථ සඳහා මාස 03ක සහන කාලයක් ලබා දුන්නේ අන්තරාදායක නොවන අලංකරණය සඳහා සවිකර ඇති අමතර කොටස් පිළිබඳ බස් රථ හිමියන්ට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා බවයි පොලීසිය පැවසුවේ.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් පිළිබඳ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මෙම අදහස් පළ කළා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.