Saturday, January 11, 2025

General line - 0115112241

මෙරට ඉතිහාසයේ පළමු ටී ටෙන් ක්‍රිකට් තරඟාවලියක්




මෙරට ඉතිහාසයේ පළමු ටී ටෙන් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා. 

පන්දුවාර 10නට සීමා වන මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

කණ්ඩායම් 06කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා T-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල පස්වරු 2.45ට ආරම්භ වනවා. 

අද දිනය තුළ තරඟ තුනක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. පළමු තරගය පස්වරු 04ට පැවැත්වෙන්නේ ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතරයි. 

නුවරඑළිය කින්ග්ස් සහ කලම්බෝ ජගුවර්ස් කණ්ඩායම් අතර දෙවන තරගය පස්වරු 06යි 15ට ආරම්භ වනවා. 

තුන්වැනි තරගය රාත්‍රී 08යි 30ට ආරම්භ වන්නේ කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවලර්ස් යන කණ්ඩායම් අතරයි. 

තරගාවලිය පුරා තරග 25ක් පැවැත්වෙන අතර මූලික වටයට තරග 21ක් ඇතුළත්. එහිදි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 04 ඉදිරි වටය සදහා සුදුසුකම් ලබනු ඇති. 

අවසන් මහා තරඟය ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

ලෝකප්‍රකට ක්‍රීඩකයින් වන ෂකීබ් අල් හසන්, ඇන්ඩ්‍ර ෆ්ලෙචර්, සෞම්‍ය සර්කාර්, ජොන්සන් චාල්ස්, ඉමාඩ් වසීම් මෙම තරඟාවලියට එක්වනවා. 

ශ්‍රී ලංකා සුපිරි තරු රැසක්ද ලංකා T-10 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.