ඔන් මැක්ස් DT සමාගමට එරෙහි නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ඔන් මැක්ස් DT මුදල් ආයෝජන ක්‍රමයේ ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2017ක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ තුළින් ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2යි 96ක් ලෙස ගණන් බලා තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.
මෙහිදී මහේස්ත්‍රත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවයි.
ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වන දා යළි කැඳවීමට නියමිතයි.