Thursday, December 26, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක හතරකට නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදන - ප්‍රදේශ රැසකට තද වැසි




පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද පස්වරු 04.00 දක්වා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල ප්‍රධාන භූවිද්‍යාඥ හර්ශනී පෙරේරා මහත්මිය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල පස්සර හාලිඇල, හපුතලේ හා මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම හා මාතලේ දිස්ත්‍රික්කයේ අබන්ගග කෝරලය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එලෙස නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.

කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


මේ අතර නැගෙනහිර පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.