Thursday, December 26, 2024

General line - 0115112241

ගමක් කැලඹු අඩි පිබුරෙකු පානදුර උතුර පොලිසියෙන් අල්ලයි




පානදුර - උතුරල ගොරකපළ ප්‍රදේශයේ නිවසක ගරාජයක සිටි අඩි 12 ක් පමණ  දිග පිඹුරෙකු පානදුර උතුර පොලිසිය මගින් සුරක්ෂිතව අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැර තිබෙනවා. 

එම ප්‍රදේශයේ ගැවසුනු පිඹුරා දුටු ප්‍රදේශවාසීන් පානදුර - උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී ඇති අතර ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නිලධාරින් කිහිප දෙනෙකු එම පිඹුරා සිටින ස්ථානයට යොමු කරමින් පිඹුරා නිරුපද්ධිතව අල්ලා ගත් බවයි පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

පසුව ප්‍රදේශවාසීන් ඇතුළු පොලිසිය අවස්ථා කිහිපයකදී දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ අත්තිඩිය වනජීවී කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. 

එම අවස්ථාවේදී අදාල බලධාරින් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පානදුර උතුර පොලිසිය මැදිහත් වී අදාල පිඹුරාව සුරක්ෂිතව බොල්ගොඩ රක්ෂිතය වෙත මුදාහැරූ බවයි පානදුර පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.