Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති අනුරට ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ළඟා වී තිබෙනවා. 

එහිදී ඉන්දීය රජය විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමු විදෙස් සංචාරය වන්නේ ද මෙයයි. 

ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්ව තිබෙනවා. 

ජනාධිපතවරයා ලබන 17 වනදා දක්වා සිදු කරන ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දන්කාර්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී. නන්ද, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා දිල්ලිහි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට එක්වනවා ඇති. 

ඉන්දිය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිතයි. 

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව තිබෙනවා.