Thursday, December 26, 2024

General line - 0115112241

පාලන මිල ඉක්මවා සහල් විකුණූ වෙළෙදුන් 300 කට අධික පිරිසකට නඩු - සහල් හිඟය තවදුරටත්




සහල් පාලන මිල සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකල වැටලීම්වලදී වෙළෙන්දන් 300 කට වඩා වැඩි පිරිසක් හඳුනාගත් බව පාරිභෝකික කටයුතු අධිකාරිය පවසනවා. 

එම අධිකාරියේ පාරිභෝකික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසුවේ හෙට දිනයේ සිට ඔවුන්ට නඩු පැවරීම සිදුකරන බවයි.

මේ අතර ජනතාවට අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් සහල් තොග තම සංගමය සතුව නොපවතින බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති බී.කේ රංජිත් මහතා රජයෙන් ඉල්ලා සිටියේ රජය මැදිහත් වී සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි. 

පවතින සහල් හිඟය තවත් දින කිහිපයක් පැවතියහොත් ග්‍රාමීය වෙළඳසැල්වලට පවා සහල් හිඟයක් මතුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.