Thursday, December 26, 2024

General line - 0115112241

නමුනුකුල, පිංගරාව වතු යායේ කොටසක් නාය යයි

සමන් පාලිත නානායක්කාර




ඇල්ල, නමුනුකුල, පිංගරාව වතුයායේ කන්දක කොටසක් නාය යෑමකට ලක්ව තිබෙනවා. 

ඒ අනුව එහි පේළි නිවාස හයක සාමාජිකයින් 21 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම පුද්ගලයින් මේ වන විට පිංගරාව දෙමළ විදුහලේ තාවකාලිකව රඳවා සිටිනවා. 

අදාල කන්දේ සිදු වූ නාය යෑම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කණ්ඩායමක් අද පැමිණීමට නියමිතව තිබෙනවා.