Wednesday, December 25, 2024

General line - 0115112241

කාලගුණය යළි කැළඹෙයි




උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේ. 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා අදහස් පළ කළා.