ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර පවතින සන්නද්ධ ප්රචණ්ඩත්වය හේතුවෙන් මාර්ග වසා දැමීම හමුවේ ඇති වූ බරපතල ඖෂධ හිඟයක් හේතුවෙන් පකිස්තානයේ කුරම් දිස්ත්‍රික්කයේ පරචිනාර් හි අවම වශයෙන් ළමුන් 50 ක් මිය ගොස් ඇත.
පසුගිය මාසයේ සිට අවම වශයෙන් ජීවිත 130 ක් බිලිගෙන ඇති අඛණ්ඩ ගැටුම්, දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කර ඇති අතර ආහාර සහ වෛද්‍ය සැපයුම් ජාලවල හිඟය උග්‍ර කර තිබේ.
ගෝත්‍රික ගැටුම් සඳහා විසඳුමක් ගෙන ඒමට පකිස්තානය රජය අරගල කරන විට පරචිනාර් වැසියන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුන දී සිටින
බව ප්‍රාදේශීය බලධාරීන් කලාපයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වාර්තා කරයි.
දශක ගණනාවක් පැරණි ඉඩම් ආරවුල් මුල්කරගත් ප්රචණ්ඩත්වය පාකිස්තාන-ඇෆ්ගනිස්තාන දේශසීමාව තුළ තීව්ර වී තිබේ.
බලධාරීන් පවසන්නේ ගැටුම් හමුවේ මාර්ගවල පවතින අවහිරය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ප්‍රාදේශීය රෝහල්වල ළමුන් 50 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.
"අනවශ්‍ය තීරණ" කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ප්‍රවාහන මාර්ග විවෘත කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස කුරම් සඳහා පළාත් සභා මන්ත්‍රී අලි හාඩි ඉර්ෆානි රජයෙන් ඉල්ලා සිටියේය.
අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, කයිබර්-පක්තුන්ක්වා රජය අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රවාහනය කිරීමට සහ ගමන් පහසුව සඳහා හෙලිකොප්ටර් සේවාවක් ආරම්භ කර ඇත.