නත්තල යනු සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ දිනයයි. සාමය, සතුට අගයමින් ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සමරද්දී එම පණිවිඩය ලොවට ගෙන ආ ජේසු බිළිඳුන් උපත ලැබූ බෙත්ලෙහෙමේ අද පාළු ස්වභාවයක් ගෙන තිබුණා.
ඒ, ගාසා තීරයේ යුද ගිනිදැල් හේතුවෙන්. මෙලෙස බෙත්ලෙහෙම ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බවට පත් වූ අඛණ්ඩ දෙවන වසර මෙයයි.
සාමාන්‍යයෙන් නත්තල් සතියේ බටහිර ඉවුරේ මැන්ගර් චතුරශ්‍රය අලංකාර විදුලි පහන් සහ යෝධ ගස් ඉදිකෙරෙන අතර නිරන්තරයෙන් චතුරශ්‍රය පිරී යන විදේශීය සංචාරකයින් ද අද එහි දක්නට ලැබුණේ නැහැ.
සාමාන්‍යයෙන් බෙත්ලෙහෙමේ ආදායමෙන් සියයට 70ක් සංචාරක ව්‍යාපාරයෙන් උපයන අතර නත්තල් උත්සව අවලංගු කිරීම නගරයේ ආර්ථිකයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
මේ අතර නත්තල් ගසක් ගිනි තැබීම සම්බන්ධයෙන් සිරියාවේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.
ඒ, සුළු ජාතීන් ආරක්ෂා කිරීමට නව ඉස්ලාමීය බලධාරීන් පියවර ගත යුතු බවට බල කරමින්.
මධ්‍යම සිරියාවේ ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන නගරයක ප්‍රධාන චතුරශ්‍රයේ ඉදිකර තිබූ මෙම ගස ගිනි ගන්නා අයුරු සමාජ මාධ්‍යයේ පළ වී තිබුණා.
සිරියාවේ කිතුනුවන් නත්තල් සැන්දෑව සැමරීමට සූදානම් වීමට පෙර දින රාත්‍රියේ මුහුණ ආවරණය කළ පිරිසක් නත්තල් ගසට ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.