Thursday, December 26, 2024

General line - 0115112241

අස්වැසුම ඉහළට - ගැසට්ටුව එළියට




අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමයට අදාළව නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

ඒ, මෙතෙක් ලබා දුන් ගාස්තු ඉහළ නංවමින්. 

ඒ අනුව මීට පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. 

එම දීමනාව හිමි වන සංඛ්‍යාව නව ලක්ෂ 60,000ක්. 

අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නංවා තිබෙනවා. 

එමගින් හාර ලක්ෂ 80,000ක් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි. 

2025 ජනවාරි මාසයේ සිට 2026 ජුනි මාසය දක්වා එම දීමනා ලබා දීම සිදු වනවා. 

සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ පිරිස් සඳහාද රුපියල් 5,000 බැගින් ලබා දෙනු ඇති. 

එම සංඛ්‍යාව හාර ලක්ෂ 80,000ක්. සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

මේ වන විටත් ප්‍රතිලාභ සඳහා තේරාගෙන ඇති හා විවිධ හේතු මත ගෙවීම් සිදු කිරීම ප්‍රමාදව ඇති ප්‍රතිලාභීන්ද, අභියාචනා ඉදිරිපත් කර මේ වන විටත් විභාග කෙරෙමින් පවතිනවා. 

එම අයදුම්කරුවන් සඳහාද ඔවුන්ගේ සුදුසුකම් ලැබීම් මත එම ගෙවීම් මේ මස 31 වැනිදා දක්වා ගෙවීමට පියවර ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.