සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කඳානේ පිහිටි ත්‍රීපෝෂ සමාගමේ වත්මන් තත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ පැවැත් වූ සාකච්ඡාවකදී මේ බව කියා සිටියා.
ඉදිරියේදී ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනයේ කටයුතු දියත් කිරීමේදී සමාගමට අවශ්‍ය බඩඉරිඟු හා සෝයා සපයන මෙරට ගොවි නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන් දිරිගන්වමින් සහ ඒකාබද්ධ කරගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන ත්‍රිපෝෂ සමාගම මිලදී ගන්නා අඛණ්ඩ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.