Tuesday, January 7, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බොඳ කරමින් ඉන්දියාව පැරදූ ඕස්ටේ්‍රලියාව ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියා කණ්ඩායම අතර තරග පහකින් යුත් ‘බෝඩර් - ගවක්ස්කාර්’ කුලසලාන ටෙස්ට් තරගාවලියේ තුනට එකක් ලෙස ජය ගැනීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම අද සමත් වුණා. 

ඒ අනුව ඕස්ටේ්‍රලියා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අද දිනයේ තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 141 ක් ලබාගෙන සිටියා. 

කෙසේවෙත් ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 157ක් පමණයි. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 185 ක් රැස් කළා. 

ඒ අනුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට සිය දෙවනි ඉනිමේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 162ක ඉලක්කයක් හිමි වුණා. 

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම එම ඉලක්කයක් කඩුලු 04ක් පමණක් දැවී තිබියදී සපුරා ගනිමින් තරගාවලියේ ජය හිමිකර ගත්තා. ඕස්ටේ්‍රලියා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 181ක් පමණයි. 

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැර දැමීමට ඉන්දීය කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණා.

ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ජූනි මස 11 වනදා ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.