“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ පොලිස් නිලධාරින් විසින් බස් රථ පරීක්ෂා කිරීමේදී තමන් දැඩි අපහසුතාවට පත්වන බව බස් රථ රියදුරන් පවසනවා.
බස් රථ රියදුරන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නිසි ක්‍රමවේදයකට අනුව එම පරීක්ෂා කිරීම් කටයුතු සිදු කිරීමට බලධාරින්ට උපදෙස් ලබාදෙන ලෙසයි.
දිගින් දිගටම පොලිසිය විසින් රියදුරන් හට බලපෑම් එල්ල වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි බස් රථ රියදුරන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
මේ අතර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව පොලිසිය විසින් රියඅනතුරු සහ රථ වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.