ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමට නව කොමසාරිස්වරයෙකු සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත්තේ මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතායි.
එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර් එම් ජී රාජපක්ෂ මහතා සහ වෛද්‍ය එන් ආර් එස් ආරියරත්න මහතා පත් කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින්.