අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළේ සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එමෙන්ම එම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් වෙත නියෝග කළා.
කොළඹ, ටොරින්ටන් ඇවනිව්හී පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබා ගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.