ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චින සංචාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ද අදහස් පළ කළා.
ඒ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරය සම්බන්ධයෙන් සැක මතුවන බවයි එම මාධ්‍ය හමුවේදී අදහස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පල කළා
‘‘ජනාධිපති අනුර දිසානායක මහතා චීන සංචාරයක යෙදිලා තිබෙනවා.
චීන සංචාරයට පෙර අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේ චීනය පිළිබඳව කතා කරපු දේවල්වලට ඇහුම්කන් දිලා ගියාද කියන සැකය අපට තිබෙනවා.
චීන සංචාරයේදී අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේ චිනය ගැන සහ චීනයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් කියපු දේවල් පිළිබඳව චින රජයේ සමාජිකයින් සමග සාකච්ඡා කරන්න ඇති කියලා අපි හිතනවා.
ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න පෙර විපක්ෂයේ සිටින කාලයේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීන් චිනය ලංකාවේ සිදුකළ ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි විවේඡන එල්ල කළා. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ චීන සංචාරයේදී චිනය පිළීබඳව ගුණ ගායනා කරනවා.
චිනයට ගොස් මේ කතා කරන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාමද කියන සැකය අපිට මතුවෙනවා.
අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ සිටි කාලයේ චීනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ දැන් ඔහුට අමතක වී තිබෙනවා.
තමන් කියපු දේවල් තමන්ට මතක නැති මානසික රෝගි තත්ත්යක් තිබෙනවා ඇම්නිෂියා කියලා.
ඒ වගේ රෝගි තත්ත්වයකින් ජනාධිපවරයා පෙළෙනවාද කියන සැකය අපිට මතුවෙනවා.
ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින කාලයේ පැවැසුවා චීනය විසින් ලංකාව චීන කොලනියක් බවට පත් කරනවා කියලා , ලංකාව චීන කොලනියක් වීමෙන් වළක්වා ගැනිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී චීන නායකයින් සමග කතා කළාද? ඒ වගේම ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින කාලයේ පැවැසුවා චීනය විසින් ලංකාවේ දේශපාලඥයින් මිලදි ගෙන තිබෙනවා කියලා.
ඒ ආකාරයට චීනය විසින් මිලදිගත්ත ලංකාවේ දේශපාලඥයින් කවුද , මිලදි ගත්ත ආකාරය පිළීබඳව සහ ඒ පිළිබඳව චින රජයෙන් තොරතුරු ගන්න දැන් ජනාධිපති අනුර දිසානායක මහත්තයාට හැකියාව තිබෙනවා. එවිට එම දේශපාලඥයින්ට නිතිය ක්‍රියාත්මක කරන්න ලංකාවේ රජයට හැකියාව තිබෙනවා.
ඒ වගේම චිනය විසින් ලංකාව ණය උගුලක හිර කරලා තිබෙනවා කියලා අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ සිටි කාලයේ ප්‍රකාශ කරලා තිබුණා.
චිනය විසින් ලංකාව ණය උගුලක හිර කරලා තිබෙනවානම් ඒ ණය උගුලෙක් ලංකාව බේරගන්න චීන රජය සමඟ අනුර දිසානායක ජනාධිපතිවරයා කතා කළාද අපි අහන්න කැමැතියි.
කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා චීනයට යැම පිළිබඳව අපි සතුටු වෙනවා. චීනයට සහ චීන ආයෝජන වලට විරුද්ධව කතා කළ දේවල් පිළීබඳව, චීන ආයෝජකයින් ලංකාවේ දේශපාලඥයින් මුදලට මිලදී ගත්ත ආකාරය පිළිබඳව , චීනය ලංකාව ණය උගුලක සිර කිරිම පිළිබඳව කියලා තමයි ජනාධිපති අනුර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේගය බලය ලබාගත්තේ.
මේවා දැන් නිවැරදි කරන්න ජනාධිපති අනුර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව කටයුතු කරනවාද කියලා අපි අහන්න කැමැතියි.
ඒ වගේම ආණ්ඩුව දැන් අනුන්ගේ මල් වට්ටියකට අත ගහන්න පටන් ගෙන තිබෙනවා.
සිනොපෙක් ආයෝජනය අනුර දිසානායක ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ සිදුවුණ ආයෝජනයක් නෙවෙයි.
අපි නම් සතුටුයි එවැනි ආයෝජනයක් ලංකාව තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව.
නමුත් සිනොපෙක් ආයෝජනය ලංකාවේ සිදුවුණේ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුළදී.
ඒ ආයෝජනය අනුර දිසානායක මහතා යටතේ නෙවෙයි සිද්ධ වුණේ.
අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේ කියපු දේවල් අමතක වෙලා හෝ රංගනයක් ඉදිරිපත් කරමින් චිනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්විම පිළිබඳව, ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්විම පිළිබඳව සමගි ජන බලවේගය සතුටු වෙනවා.
ඒ වගේම සමගි ජන බලවේගය විශ්වාස කරන නොබැදි පිළිවෙත අනුර දිසානායක මහතා අනුගමනය කිරිම පිළිබඳව සතුටු වෙනවා.
විදේස රටවල් සමඟ සුහදව කටයුතු කළ යුතු යැයි සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කිරිම පිළිබදව අපි සතුටු වෙනවා.
අපිට අවශ්‍ය වන්නේ රටට තවත් අගාධයට ඇද දමන්න නෙවෙයි. ලෝකය සමඟ ලංකාවත් සම්බන්ධ කරන්නයි අපිට අවශ්‍ය වෙන්නේ.
ඒ වගේම මේ වනවිට ජනතාවගේ ජිවන වියදම අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම වෙළඳපොල තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයක් තිබෙනවා.
මේ ප්‍රශ්නවලට කඩිනමින් විසදුමක් දෙන්න රජයට නොහැකි වෙලා තිබෙනවා. වහාම මේ සදහා විසදුම් ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම මැතිවරණ වේදිකාවල ප්‍රකාශකළ ආකාරයට විදුලි බිල වහාම අඩු කරන්න.
සහල් මාෆියාව නැති කරන්න වහාම කටයුතු කරන්න.
ජිවන වියදම අඩුකරන්න කටයුතු කරන්න.
ඉන්ධන මිල සුත්‍රය අහෝසි කරලා පෙට්ට්‍රල් ඩිසල්වල මිල ගණන් වහාම පහත දමන්න රජය කටයුතු කළ යුතුයි.
සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිය වන්නේ නොබැදි පිළිවෙත.
සමගි ජනබලවේගය සියලුම රටවල් සමග සුහදව ගනුදෙනු කරන්න කටයුතු කරනවා.
අපි කිසිම දවසක රටවල් වලට විවිධ විවේඡන එල්ල කළේ නෑ. නමුත් අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේ ගනුදෙනු කළේ විදෙස් රටවල් විවේඡනය කරමින්. නමුත් එවැනි දෙයක් දැන් සිදුවන්නේ නෑ. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා.
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතාට දැන් තිබෙන්නේ ලංකාව සංවර්ධනය කරා ගෙන යන්න විදෙස් රටවල උදව් ලබාගන්න.
ඒ සඳහා විපක්ෂයක් ලෙස අපි සහයෝගය ලබාදෙනවා.
ඒ වගේම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල පිළිබඳව අපි සතුටු වෙනවා.
නමුත් අනුර දිසානායක මහත්තයා සහ ජාතික ජන බලවේගය රටේ ජනතාව නොමග යැව්වා.
අනුර දිසානායක මහත්තයාව රටේ ජනාධිපති කළේ රනිල් වික්‍රමසිංහ ප්රත්පත්තිය ගෙනියන්න නෙවෙයිනේ. එහෙනම් ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දෙනවනේ.
ඒ වෙනස බලාපොරොතුවෙන් තමයි අනුර දිසානායක මහත්තයාව රටේ ජනාධිපති කළේ. නමුත් එයින් කිසිදු වෙනසක් ඇතිවෙලා නෑ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම අහෝසි කරනවා කිව්වා.
නමුත් ඒ කිසිම දෙයක් සිදුකළේ නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. මිල සුත්‍රය ඉවත් කරනවා කිව්වා.
නමුත් එයත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. විදුලි බිල අඩු කරනවා කිව්වා , බදු අඩුකරනවා කිව්වා.
නමුත් ඒ කිසිවක් කරන්න අනුර දිසානායක මහත්තයා සහ ජාතික ජන බලවේග රජය කටයුතු කරලා නෑ. නමුත් සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ගිවිසුම යම් යම් කරුණු වෙනස් කරලා සහන ලබාදෙන්න කටයුතු කරනවා කියලා.
නමුත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ගිවිසුම සම්පුර්ණයෙන් වෙනස් කරනවා කියලා.
ජාතික ජන බලවේගය කිව්ව කතාවලට ජනතාව රැවටුණා.
ඒ වගේම රටේ ජනතාව කෙරෙහි දේශපාලඥයින් වෛරයක් ඇති කළා.
රජයේ වාහන භාවිතා කරන්නේ නැ කිව්ව ජාතික ජන බලවේගය දැන් රජයේ වාහන භාවිතා කරනවා.
නිල නිවාස භාවිතා කරන්නේ නැ කිව්ව ජාතික ජන බලවේගය දැන් නිල නිවාස භාවිතා කරනවා.
පාර්ලිමේන්තුවේ ආපනශාලාව වහනවා කියලා ජාතික ජන බලවේගය කිව්වා. නමුත් එවැනි දේවල් දැන් සිදුවෙන්නේ නෑ. වැටුප් ගන්නේ නෑ කිව්වා.
නමුත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු ගන්න ඒ වැටුප යන්නේ ජනතා විමුක්ති පෙරමුනේ පක්ෂ අරමුදලට.
වැටුප් ගන්නේ නැතිනම් ඒ මුදල් යවන්න මහා භාණ්ඩාගාරයට. එතකොට තමයි රටට වැඩක් වෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුනේ පක්ෂ අරමුදල වැඩිවුනා කියලා රටට සෙතක් වෙන්නේ නෑ.
ඒ වගේම සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය එක්සත් ජාතික පක්ෂය ඇතුලු සමගි ජනබලවේගය සමග එකතුවෙන්න පුලුවන් කණ්ඩායම් සමග සාකච්ඡා කරන්න කමිටුවක් පත් කරලා තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ තමයි කමිටුව පත් කරලා තිබෙන්නේ. කමිටුවේ නායකත්වය දරන්නේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා.
ඒ කමිටුවට කබිර් හෂිම් , තිස්ස අත්තනායක , මුජිබර් රහුමාන් සහ මමත් ඇතුළු 5 දෙනෙක් පත් කරලා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් තමව සාකච්ඡා සඳහා කවුරුත් පත් කරලා නැහැ.
එක්සත් ජාතික පක්ෂය සහ දක්ෂිණාංශික කදවුරු සියල්ල එකතු කරගන්න අපි කටයුතු කරනවා.
එක්සත් ජාතික පක්ෂය සමග තමයි අපිට පහසුවෙන් කටයුතු කරන්න හැකියාව තිබෙන්නේ.
සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් අපිට එකට වැඩ කරන්න හැකියාව තිබෙනවා.
සමගි ජන බලවේගයේ අනන්‍යතාවය තබා ගනිමින් තමයි අනෙකුත් පක්ෂ සමඟ තමයි කතා කරන්නේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්තිගරුක , අවංක නායකයෙක්. ඔහු දේශපාලන ගේම් වලින් බලය ලබාගන්න කටයුතු කළේ නෑ.
ඔහුගේ නායකත්වය ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නෑ. දක්ෂිනාංශික දේශපාලන කදවුර ශක්තිමත් කරන්න සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙනවා."