මෙම වසරේ මුල් මාස 06 සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ගෘහස්ථ අංශය සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩුවන බවයි එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
සෙසු කාණ්ඩවල විදුලි ගාස්තු අඩුවන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශය ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව එය සිදු කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය උපුටා දක්වමින් බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.